හෙළ ගැමියා සිය සතුට
සොම්නස පාළුව සාංකාව මග හරවා ගැනීමට අද මෙන් විනෝදය ලබාදෙන
මාර්ග පසුපස හඹාගියේ නැත. අද නම් රූපවාහිනී
ගුවන් විදුලි සමාජශාලා සහ ඉනුත් ඔබ්බට ගිය නොයෙකුත් අසැබි විනෝදය සපයන ස්ථාන සුලභය. අපේ පැරණි
ගැමියා ඒ සඳහා තෝරා ගත්තේ තම හැගීම කවිය ගීතය හෝ කතාවක් මගින් පිට කිරීමයි. මෙසේ පබදින
ලද කවි ගීත කතාන්දර විශාල ලෙස අපේ සාහිත්‍යය පෝෂණය කර ඇත. මේවා
නොයෙකුත් අවස්ථා වලදී ඔවුන් ගායනා කර තම පාළුව කාන්සිය මග හරවා ගත්හ. ගැමි සුවඳ
පැතිරෙන මේ කවි ගීත බොහෝ විට අපේ සංස්කෘතිය හා බැඳේ. අපේ සංස්කෘතිය බෞද්ධ
දර්ශනය සමග නොසෙල්වෙන පරිදි ඈත අතීතයේ පටන් ම බද්ධ වී ඇත. ඒ නිසා බොහෝ ජන සාහිත්‍යය කෘති වලින් බෞද්ධ
ආගමික මුහුණුවරක් දැක ගත හැක.
එපමණක්ද නොව හෙළ ඉතිහාසයේ සැඟවුණ තැන් මතුකර හුවා දක්වන ජනගීත හා කවි අපට
දැකගත හැක. මේ ජන ගීත වලින් අපේ ගැමියා ගේ හදගැස්මේ
රාවය අපට පිළිබිඹුවේ. පතල් කවි නෙළුම කවි කරත්ත කවි විරහ ගීත පාරු කවි ආදියෙන් ඔවුන් තමන් ගතකළ ජීවන ක‍්‍රමයේ
කටුක බව විනෝදයෙන් විඳගත් බව අපට කියා පායි.
විරහ ගීත ගැන කියවන
විට නිතැතින්ම ඉදිරියට එන්නේ යසෝදරාවත සහ වෙස්සන්තර ජාතකය වේ. නිශ්චිත රචකයෙකු ගැන
සඳහන් නොවන යසෝදරා වත සහ වෙස්සන්තර ජාතකය විරහව ගැන පරිමයෙන් ම ශෝකාත්මක පණිවුඩයක්
ගෙන එයි. එනිසාම මරණයක දී එලිවෙනතුරා මෙම කවි
ගීතගායනා කිරීමට පැරණි ගැමියෝ වගබලා ගත්හ. මෘතදේහය තනි නොකර මේ කවි ගීත ශෝකී
්වරූපයෙන් ගායනා කිරීම එකළ සිරිතක්ව පැවතුනි. අද දවසේ මෙන් කාඞ් සෙල්ලම් කිරීම
කැරම් ගැසීම කැට ගැසීම හෝ සූදුව එකළ අවමගුලක දී දක්නට නොලැබුණි.
යශෝදරා දේවියගේ විරහ
වේදනාව එදා හෙළ ගැමියා පෙන්නුම් කළේ මෙසේය.
නිම්නැති සංසාර සාගරය
පීනලා
නිම් නැති වස්තු ඉස්
මස් ලේ දන් දීලා
නිම්නැති වීරියක්
කෙරුවාය ඉපදීලා
නිම්නැති බුදු බවට
ජීවත දන්දීලා
කාරණාව බුදුවනවා ලකුණු
දැනේ
නෑර කැටුව ආවා මම සරණ
ගෙනේ
භාවනාව තොර නොකරමි
සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි
සුවාමිනේ
යසෝදරා දේවිය කිසි
විටෙක සිදුහත් කුමරු ඇය හැරදා ගියද ඔහුට මෛත‍්‍රී කරනවා විනා අහිතක් නාසිතූ බව මේ
ජන කවි වලින් පෙනේ. මේ ජන කවි මෙසේ ඈත අතීතයේ සිට හෙළ බිමේ පැවත එන්නේ කුමන
හේතුවක් නිසාද? මෙතරම් පැහැදිලි ලෙස මේ කරුණු ජන කවියා
විස්තර කරන්නේ කෙසේද? ඒ වෙනත් හේතුවක් නිසා
නොව මේ සිදුවීම් මේ හෙළබිමේ සිදුවූ නිසා නොවේද?
වෙස්සන්තර ජාතකය ද
අයත් වන්නේ මෙවැනි ජනකවි පරාසයටමය. එය රචනා කළ නිශ්චිත පුද්ගලයෙකු නොමැති නිසා
කටින් කට පැවති ගීත පසු කාලයක දී එක් පුද්ගලයෙකු විසින් ලියන ලද බව සිතිය හැක. එහි
වෙස්සන්තර රජතුමා සිය වස්තුව දන් දී තම දේවිය හා දරු දෙදෙනා සමඟ වංකගිරියට තපස්
රකින්නට නික්ම ගිය බව අපේ ජනකවි වලින් දැක්වේ. ඒ වෙසතුරු සිරිතේ සමහරක් කවි ගීත
අපේ මංගල අවස්ථා වලදී ගායනා කිරීම අදත් සිදු කරනු ලැබේ.
වංග ගිරියේ තපස්
රකින්නට නික්ම ගියෙ අප බෝසතුන්
නැංග රථයත් අසුත් දෙදෙනත් අතර මඟදී පිනට දුන්
රන්ද රිදියෙන් මුතු
මැණික් සහ සියලූ වස්තුව පිනට දුන්
සංඝ රත්නේ අනුහසින්
වෙයි මොවුන් හට ජය මංගලම්
විවාහ මංගල්‍යයකදී
පෝරුවේ සිරිත් ඉටු කරන විට ගායනා කරන කවියකි ඉහත දැක්වූයේ. මෙහි වංග ගිරිය යන්න වංගු සහිත කඳුකර මාර්ගයක්
බව වෙස්සන්තර කාව්‍යයෙන් දැක්වේ. මෙවැනි මාර්ගයක් මේ හෙළබිමේ පිහිටා ඇත්තේ මහනුවර
සිට මහියංගනය දක්වා යන මාර්ගයෙහිය. රථයත්
අසුත් දෙදෙනාත් දන් දුන් බව මේ කවියෙන් කියවේ. එසේ දන් දුන් තැන හුන් ූ අස් ූ
ගිරිය යනුවෙන් භාවිත කර ඇතග එය දැනට හුන්නස්ගිරිය යනුවෙන් භාවිත වන ස්ථානය විය
හැක. එම ග‍්‍රාම නාම අද දක්වාම භාවිත වීම අපේ ඉතිහාසය ගැන නැවත වරක් සිතා බැලිය
යුතු බවට ඉඟියක් නොවේද?
පෝරුවේ සිරිත් වලදී
ගායනා කරන තවත් කවියකින් තව දුරටත් මේ ඓතිහාසික කරුණු සනාථ වේ.
සුද්දසුන් නිරිªන්ට දාවූ එසිද්ධත් කුමරුන් උතුම්
මැද්ද මණ්ඩල
කිඹුල්වත්පුර නුවර ඉපදුන අනුහසින්
යුද්ධ කරලා පැරදි
වසවතු ගියේ දස පෙරුමන් බෙලෙන්
බුද්ධ රත්නේ අනුහසින්
වෙයි මොවුන් හට ජය මංගලම්
මෙම ජන කවියෙන්
දැක්වෙන මැද්ද මණ්ඩල කිඹුල්වත්පුර ප‍්‍රදේශය අද මැද මහනුවර අවට ප‍්‍රදේශයයි. එහි
කිඹුල්වත්පුරය ටොලමි ගේ ලංකා සිතියමේ කිඹුල්වත යනුවෙන් පැහැදිළිව දක්වා ඇත.
මේ කරුණු වලින්
පැහැදිලි වන්නේ අපේ ජන කවියා එකල බුද දහම බුදරජාණන් වහන්සේ සහ එතුමන්ට සම්බන්ධ
චරිත අලලා තම කවි ගීත රචනා කළේ මේ කරුණු ඔහුට ඉතාම සමීප මේ හෙළ බිමේ දීම සිදුවූ
සිද්ධි දාමයන් නිසා බවය.
බුදු දහමට නැඹුරු වූ
ගැමියා විහාරය පන්සල ඇසුරින් ලද දැනුම සරල කවි ගී වලට යොදා ගත්තේ මේ දහම මේ
හෙළබිමේ මුල සිටම තිබූ නිසාය. මෙම කවිය කුඩා දරුවන් වෙනුවෙන් කළද එහි ගැඹුරු දහමක්
අන්තර්ගත වේ
අම්බලමේ පිනා පිනා
වළං කදක් ගෙනා ගෙනා
ඒක බිදපි ගොනා ගොනා
ඒකට මට හිනා හිනා
මෙහි ගැඹුරු අදහස නම්
සසර සැරි සරමින් අප විසින් ගෙන යන අස්ථිර වූ බිඳෙන සුළු ශරීරය නමැති වළඳ ගෞතමයන්
වහන්සේ බිඳ දැමූ බවත් ඒ ගැන කවියා සතුටු වන බවත්ය. මෙවන් අර්ථයක් ඇති කවියක් ජන
සාහිත්‍යයට එක්වීමට නම් මේ කරුණු ගැමියා හා බද්ධ වී තිබීම අනිවාර්ය විය
යුතුය. එසේ වීමට මේ දහම මෙයට වසර 2214 කට පෙර හෙළ බිමට මිහිඳු හිමියන්ගෙන් ලැබුණු දෙයක් නොව
එයට වඩා ඉතාමත් පැරණි දායාදයක් විය යුතුය. ගෞතම බුදරජාණන් වහන්සේට පෙර වැඩසිටි
කකුසඳ කෝණාගම කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලා වැඩසිටි මේ පුන්‍ය භූමියේ
උන්වහන්සේලාගෙන් ලැබූ ධර්ම දායාදයේ ආභාෂය හෙළ ගැමියා සතුවූ බව මේ කරුණු වලින්
මොනවට පැහැදිලි වේ. ඒ බුදුවරයින් වහන්සේලා වැඩසිටි බවට අප පුන්‍ය භුමියේදීම හමුවී
ඇති සෙල්ලිපි සහ ජීවමාන සාධක වලින් මනාව පැහැදිලි වේ. උදාහරණයක් ලෙස දන් ඕවිට
මඩබාවිට ගල්ලෙන් රජමහා විහාරය පිහිටි භුමියේ සැතපුම් 3 ක් පමණ දිග
ගුවන් රථ නැවතුම් තොටුපල පෙන්විය හැක. කකුසඳ බුදුරදුන් ශ‍්‍රාවකයින් 40 000 සමඟ ගුවන් රථ වලින් වැඩම කළ බව වංශ කතාවල
දැක්වේ. රූපනන්දා තෙරණිය කකුසඳ බුදුන්වහන්සේ පිට දුන් මහරි බෝධි ශාඛාවක් රැුගෙන
ගුවන් රථයෙන් පැමිණ එම ස්ථානයේ රෝපණය කළ බවද එහි දැක්වේ. එහි ඇති සෙල්ලිපියක ගුවන්
රථයක රේඛා සලකුණක් ද දක්වා ඇත. අද දවසේ එම සෙල්ලිපිය ඇති ස්ථානය මඩබාවිට රජමහා
විහාරය යනුවෙන් හැඳින්වේ. වරකාපොල දොරවක ද අදට වසර 7500 කට වඩා පැරණි
ගුවන් තොටුපලක් ඇත. මේ සියලූම කරුණු අප ප්‍රෞඪ ඉතිහාසය ගැන අපට මතක්කර නොදෙන්නේද?
ඔන්චිලි වාරම් වල එන
ජන කවියකින් අපේ තවත් ඓතිහාසික උරුමයක් පෙන්වයි.
උඩම උඩම උඩ මක්කම
වැල්ලේ
වසින වසින වැසි ඒගල
පල්ලේ
දුවන දුවන නැව් සමුදුර
පල්ලේ
අපිත් පදිමු දැන් රන්
ඔන්චිල්ලේ
මෙයින් අපට මක්කම නම්
නගරය මේ හෙළබිමේ හෙවත් ශ‍්‍රී ලංකාවේ පිහිටි බව සනාථ කරයි.
එවැනිම තවත් තලමල
වර්ණනා කරන කවියකි මේ.
ලස්සන සෝබන සමගම බබලන
මක්කම සිරිපා සමනල
වැඳගෙන
ලස්සන තලමල කිනිති
පෙලින් පෙල
විස්තර තලමල පච්ච වෙලේ
මැද
මේ තවත් ජන කවියකි.
සතර දෙනයි අපි ආවේ
ඔක්කොම
සතර පිටට කැරකෙයි සොඳ
ගෙත්තම
සතර වටට අල්ලන මාලක්කම
සතර බුදුන් වැඩි
වැල්ලයි මක්කම
සත්පුර ඔබ දෙවියන් දැක
මුණිදුන් අණ සිරස දරයි
මක්කම සිරිපතුල තබා
දෙව්රම් වෙහෙරට වැඩියයි
මේ සියලූ ජන ගීත වලින්
පෙන්නුම් කරන මක්කම නම් විහාරයක් ගැන විහාර අස්න නම් වූ විහාර නාම ලේඛනයේ සහ
පිරුවානා පොත් වහන්සේගේ ද සඳහන් වේ. මේ නගරය පිහිටා ඇත්තේ හලාවත ඇත්නාල ප‍්‍රදේශයේය. මක්කම වැල්ලේ සිරිපතුල තබා දෙව්රම් වෙහෙරට බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව අවසන්
කවියෙන් දැක්වේ. දැනට මක්කම යැයි සලකන සෞදි අරාබියේ ඇති ස්ථානයේ සිරිපතුල් ලාංඡුනය
තබා ඉන්දියාවේ දෙව්රම් වෙහෙරට වැඩිය බවක් හැගුනත් එය සිදුවිය නොහැක්කකි. හලාවත අසල
පිහිටි මක්කම දී සිරිපතුල පිහිටුවා රිටිගල දෙව්රම් වෙහෙරට වැඩි බව මෙයින් පිළිබිඹු
වේ.
තාරකා ශාස්ත‍්‍රය
හෙවත් නැකත් ශාස්ත‍්‍රය පිළිබඳව හෙළ ගැමියා නිබඳවම අවධානය යොමු කළේය. කේන්දරයට මේ
අතරින් සුවිශේෂී තැනක් හිමිවෙයි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කේන්දරය ගැමි ජන
කවියට අනුව මෙසේය.
ගුරුළු හාමි ඇද
වැටුනයි කකුළු වලේ
හඳහාමී බඩු කිරුවයි
වෙළඳ හලේ
රතුහාමී හත කියමින්
මෝර වලේ
කළුහාමී නොන්ඩි ඇන ඇන
වැටුනි වලේ
මනමාලයා මාළු ගොඩකට යට
වෙච්චි
සොමිපුත් එදා එළු ගාලට
කොටු වෙච්චී
වන මැද ගොස් දෙව් බඹු
මුණ ගැස්සෙච්චී
එවැනි දාක ඉපදුනි අපෙ
බුදු අප්පච්චී
1 කවිය - ගුරු කටකයේ ද සඳු තුලා රාශියේ ද කුජ
මකරයේ ද සෙනසුරු කුම්භයේ ද
2 කවිය - සිකුරු මීනයේ ද බුධ මේෂයේ ද පිහිටි
අවස්ථාවේ වන උයනක දෙව් බඹුන්ගේ සාදු නාද මැද බෝසත් උපත සිදුවිය.
ගෞතම බුදුරජාණන්
වහන්සේගේ කේන්දරය ජන කවියට නැඟීමට තරම් සමීපත්වයක් අප ගැමියාට තිබුණි. උන්වහන්සේ
ඉපදුනා යැයි සලකන ඉන්දියාවේ කේන්දරය තබා උපන් වර්ෂය වත් ගැන කිසිම සඳහනක් නැත. මේ
කරුණු සලකන විට අපේ ගැමියාට බුදු දහම ඉතාමත් සමීප දහමක් විය. එපමණක් නොව මේ
සමීපත්වය ගෞතම බුදුරජාණන් වහන්සේගේ සමයේ පමණක් නොව ඊට පෙර සිටි බුදුවරයන් වහන්සේලා
ගේ පටන් පැවත එන්නකි. එබැවින් මහා වංශය කතුවරයාට අනුව අපේ ඉතිහාසය පටන් ගන්නේ විජය
ගෙනි. එනමුත් ඊට වසර දස දහස් ගණනකට පෙර සිට රජවරුන්ගේ ශ‍්‍රී විභූතිය දස්කම්
විස්කම් වලින් හෙළ භූමිතලය පරිපූර්ණ ව ඇත. මේ රජවරුන් ගැන ද අපේ නියම ඉතිහාසය ගැන ද බුදු දහමේ සම්බන්ධය ගැන ද ජනකවි වලින් මනාව පැහැදිලි වේ. අපේ ගැමි
ජනතාව එදා කළ මෙහෙය ගැන ඇගයීමක් කර එයින් අපේ ඉතිහාසයට ලැබෙන පිටිවහල කාලයේ
වැලිතලාවෙන් වැසී යාමට ඉඩ නොදී ඒ ගැන සමීක්‍ෂණයක් කිරීමට දැන් කාලය එළඹ ඇත.
මේ හෙළබිමේ උපන් සැබෑ
හෙළයෝ මෙම පුණ්‍ය භූමියේ අගය වටහා ගත් බල ලෝභයෙන් තොර බුදු දහමේ ගුණ සුවඳ උකහාගත්
උසස් අධ්‍යාත්මික ගුණවගාවකින් යුත් පුද්ගලයෝ වූහ. මුළු ලොවම නතු කරගත් රාවණ පරපුරට
අයත් රජවරු විජයගේ පැමිණීමට පෙර මෙරට රජ කළහ. එකල තිබූ විස්මිත තාක්‍ෂණය පෘථිවියට
පමණක් සීමා නොවූ බව පෙනේ. ඒ සක්විති රාවණ පරපුරේ තාක්‍ෂණ ශිල්පය වෙනත් ග‍්‍රහලෝක
කරාද පැතිරවූ බව මූලාශ‍්‍ර අධ්‍යයනයෙන් හෙලිවේ.
ජන සාහිත්‍යය ඔස්සේ
සලකා බලන විට හෙලිවන තොරතුරු මත හෙළ බිමේ සැබෑ ඉතිහාසය රජ පරපුර විජයගෙන් ආරම්භ
නොවන බව පෙනී යයි. විජය මෙරටට පැමිණි ආක‍්‍රමණිකයෙකු පමණක් බව අප වටහාගත යුතුය. විදේශයකින් පැමිණි ආක‍්‍රමණිකයෙකුට අප ඉතිහාසය බාරදී සිටීම සැබවින්ම
විහිලූවකි එමනිසා අපේ ප්‍රෞඪ ඉතිහාසයේ
සැබෑ මුහුණුවර කාලයේ කඩතුරාවෙන් වැසී යා නොදී නැවත මතුකර ගැනීම අප යුතුකමකි.
(විශ‍්‍රාමලත් ආචාරිනී අයිරාංගනී යාපා
ජයසිංහ)