සිව් හෙළය
හෙළ අටුවා විනාශ කිරීමෙන් පසුව ඉතිහාසය පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඉතිරි වූයේ පාලි මහා වංශය හා පාලි දීපවංශය පමණකි. දීපවංශයේ ඉතිහාස තොරතුරු අඩංගු වූ අතර බුද්ධ ඉතිහාසය පිළිබඳ මහාවංශයේ ද තොරතුරු අඩංගු විය. මහාවංශයේ පැරණි මුද්‍රණයක සඳහන් වූයේ ඉතිහාස තොරතුරු මෙන්ම බුද්ධාධී මහතුන්ගේ තොරතුරු අඩු විස්තර වැඩිකොට වැඩි විස්තර අඩුකොට දික්කඳ මහ සෙනෙවියාගේ පිරිවෙනේ සිට මහානාම නම් හිමි නමක් ලියූ බවය. බුදු දහමට අනුව කටයුතු කරන සාමාන්‍ය අය පමණක් නොව රජවරුන් වුවද හඳුන්වන්නේ උපාසක උපාසිකා වශයෙනි. බෞද්ධයින් උපාසක විනා බුද්ධාධී මහතුන් නොවන බව බෞද්ධයෝ දනිති. වංශකතාකරු තමා බෞද්ධ හිමි නමක් වශයෙන් හැඳින්වුව ද ඔහු මහානාම රජුගේ දෙමල බිසවගේ මාමා කෙනෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත. වංශකතාකරු තමා ධාතුසේන රජුගේ මාමා කෙනෙකු වශයෙන් හැඳින්වීමට උත්සාහ ගත් අවස්ථාවක් ද හමුවී ඇත. ධාතුසේන රජතුමා දීපවංශය ලිවීම සඳහා දහසින් බැඳි පියලි ලබා දුන් බවට දීපවංශයෙන් තොරතුරු හමු වී ඇත. වංශකතාකරු පළමුවෙන් දීපවංශය ලියමින් සිටියදී එය නවතා තබා මහාවංශය ලිවීමට පටන් ගත් බව පෙනේ. දීපවංශයේ 21 පරිච්ඡෙදයෙහි 11 වැනි ගාථාවෙන් රුවන්වැලිසෑය ධාතු ගර්භය පිළිබඳ විස්තර ලිවීම නවතා දමා ගාථාවල ඌනතාවයක් ඇතැයි සඳහන් කර මහාවංශය ලිවීම ආරම්භ කළා විය හැක. රුවන්වැලි චෛත්‍යය නිර්මාණය පිළිබඳ විස්තර සඳහා මහාවංශය ට යොමුවන ලෙස දීපවංශයේ සඳහන් කර ඇත. ක‍්‍රි වග 450 වන විට ධාතුසේන කුමාරයා රජවීමෙන් පසු මේ චීවරධාරී ද්‍රවඩ භික්‍ෂූන් රටින් පැනගිය බවට තොරතුරු හෙලිවී ඇත. පසුකාලය වන වට රාජාවලිය, පූජාවලිය වැනි පොත් බිහි විය. කකුසඳ පටන් ගෞතම බුදුන් වහන්සේ දක්වා කාලවකවානු තුළ මේ හෙළදිව හැඳින්වූයේ පිළිවෙලින් ඔජදීපය, වරදීපය, මණ්ඩදීපය, තම්බපණ්නී දීපය යනුවෙනි. මෛත‍්‍රී බුදුන් වහන්සේගේ කාලයේ දී මේ හෙළ දිවයින හඳුන්වන්නේ “කේතුමතී රාජධානිය” යනුවෙනි. දැන් ශ‍්‍රී ලංකාව වීමට පෙර සුදු පාලකයින් මෙය හැඳින්වූයේ “සිලාන්” “සිලෝන්” යනුවෙනි. ඔවුන් එසේ හැඳින්වූයේ ශ‍්‍රී ලංකා යන්න උච්චාරණය කිරීමට අපහසු නිසා නොව අන් සියලූ නම් අමතක වීමට බැහැර කිරීමට පහසු වීම නිසාය.
ලංකා යන නම හැරෙන්නට අන් සියලූ නම් වලින් අර්ථවත් වූයේ වටිනා. උතුම් යන අර්ථයයි. මුල්ම යුගයේ සීගිරිය හැඳින්වූයේ “අලංකාරපුරය” යනුවෙනි. එසේම අනුරාධපුරය එවකට හැඳින්වූයේ ලංකාපුර යනුවෙනි. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම පිළිබඳව මහා වංශයේ සඳහන් වන්නේ “ජම්බුදීපා ඉදගාතා ලංකාපුර” යනුවෙනි. මින් අදහස් කරන්නේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි බවක් නොවන බව පමණක් මෙහි සඳහන් කරමි. “ජම්බුදීපය” යනුවෙන් හඳුන්වන්නේ රටක් නොව යම් ප‍්‍රදේශයක් බව පෙනේ.
ජවහල්ලාල් නේරු තුමා මෙම හෙළබිම “ඉන්දියන් සාගරයේ මුතු ඇටය” යනුවෙන් හැඳින්වූයේ හේතු සහිතව බව අපි දනිමු. එසේම අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල ශ‍්‍රීමතානන් මේ හෙළබිම “ලෝකෙන් උතුම් රට ලංකාවයි, ලංකාවයි සිරි ලංකාවයි” යන ගීයෙන් පුදනු ලැබූ හේතුව මොහොතකට සිතා බැලීම මෙම සිව්හෙළය යන ලිපියේ එක් පරමාර්ථයකි. වංශකතාකරු සඳහන් කරන ආකාරයට විජය සමඟ මෙහි පැමිණි පිරිස කදිරමලේ තඹපාට වැල්ලේ වැතිර සිටීමෙන් ඔවුන්ගේ අත් සහ ශරීර තඹපාට වීම නිසා මෙය තම්බපණ්නියක් නොවූ බව මෙහි සඳහන් කළ යුතුය.
දකුණු ඉන්දියාවේ තමල්නාඩුව පහළම කොටසේ පිහිටි තම්බපන්නී ගංගාව අසල ලංකා නම් පහත් දියලූම් ප‍්‍රදේශයේ නාමය මේ බිමට ආදේශ කර තම්බපන්නියක් කළේ වංශකතාකරු ය. තම්බපණ්නී හෝ තාම්බ‍්‍රපන්නී යන නම් මහාවංශයට පමණක් සීමාවූ නමකි. කුවේණිගේ (මහා පාලි රැජින) පාලන කාලයේ හෝ ඊට පෙර හෝ කවදා හෝ තම්බපණ්නී නමින් ලක්මව හැඳින්වූ බවට කිසිඳු සාක්‍ෂියක් නොමැත. ඉහත සඳහන් කළ ඔජදීපය, වරදීපය, මණ්ඩදීපය, තම්බපණ්නිය, ලංකාපුර, සෙරන්ඩිබ් ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම් රට යන නම් වලින් හැඳින්වූ මෙම හෙළදිව ඒ සියලූ නම් වලින් කියැවෙන අර්ථයන් සනාථ කරවන සහතිකයක් ඇමරිකාවේ නාසා ආයතනයෙන් ලබා දී ඇති බව ඔබ ඇතැම් විට නොදන්නවා විය හැක. ක‍්‍රි වග 2002 වසරේදී නාසා ආයතනය මගින් පෘථිවියේ ආකර්ශණය හා පැවැත්ම පිළිබඳ මෙතෙක් හෙලිනොවූ වැදගත් කරුණු පරීක්‍ෂා කිරීම සඳහා උඩු ගුවනට යවන ලද චන්ද්‍රිකාවක් උපයෝගී කරගෙන පරීක්‍ෂණයක යෙදී ඇත. එම තොරතුරු ඵසිිසදබ ඨර්ජැ 2002 වෙබ් අඩවියෙහි නැරඹිය හැක. එහි දැක්වෙන ආකාරයට පෘථිවිය මත ඇති ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කළ විට දිස්වන ආකාරය අනුව පෘථිවි වක‍්‍ර පෘෂ්ඨයේ හැඩය ගෝලාකාර නොවූ අක‍්‍රමවත් වූ ගෝලකයකි. භ‍්‍රමණය වන නිසාම නිරක්‍ෂිය විස්කම්භයට වඩා ද්‍රව අතර විස්කම්භය වැඩිය. එනම් ගෝලකයක හැඩයකි. රොකිස් ,ඇන්ඞීස්, හිමාලයා, ඇල්ප්ස් ආදී කඳුවැටි හා විශාල උස් සමභූමි ප‍්‍රදේශවල මුදුනේ සිට පෘථිවි කේන්ද්‍රයට ඇති දුර ඉතා වැඩිවූ විට එම ස්ථාන වලට ගුරුත්වාකර්ෂණය ද වැඩිය. පෘථිවිය මත පෘථිවි කේන්ද්‍රය දෙසට නෙරාගිය එකම බිම් පෙදෙසක් ද ඇති අතර එම බිම් පෙදෙසට ගුරුත්වාකර්ෂණය ද ඉතා අඩුය. ගුරුත්වාකර්ෂණය අඩුවන විට වෙනත් ග‍්‍රහවස්තු වලින් නිකුත් කරන ආකර්ෂණය (එම වස්තු වල සිට) වැඩි වන අතර ගුරුත්වාකර්ෂණය වැඩිවන විට වෙනත් ග‍්‍රහවස්තු වලින් නිකුත් කරන ආකර්ෂණය ද ඉතා අඩුවේ. ග‍්‍රහ වස්තු වලින් නිකුත් කරන ආකර්ෂණ ශක්තීන් හා හිරු කිරණ විශ්ව ශක්තිය වශයෙන් හැඳින්වේ. අජටාකාශ ගමන් වලදී ඕසෝන් ස්ථරයෙන් මිදී අභ්‍යවකාශයට ප‍්‍රවිශ්ඨවීමට හා පිටවීමට ශ‍්‍රී ලංකාව ඉහළින් ඇති අභ්‍යවකාශය තෝරා ගන්නා බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැක. පෘථිවියේ නාභිය වශයෙන් සැලකෙන පෘථිවි කේන්ද්‍රයේ සිට පෘථිවි වක‍්‍ර පෘෂ්ඨයේ මතුපිටට අඩුම දුරක් ඇති භූමි ප‍්‍රදේශය නාභිය වශයෙන් සැලකේ. ශ‍්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ එම පෘථිවි නාභියේ බව මෙම වෙබ් අඩවියෙන් ඔබට නැරඹිය හැක.
ගුරුත්ව ආකර්ෂණය වැඩියෙන් බලපාන භූමි ප‍්‍රදේශ රතු දුඹුරු පැහැයෙන් ද ගුරුත්ව ආකර්ෂණය අඩුම විශ්ව ශක්තිය වැඩියෙන්ම එල්ලවන බිම් ප‍්‍රදේශය තුළ මේ හෙළබිම පිහිටා ඇති අතර එය තද දම් හා නිල් පැහැයෙන්ද දක්වා ඇත. ශ‍්‍රී ලංකාව මධ්‍ය කරගෙන විශ්ව ශක්තිය වැඩියෙන්ම එල්ල වන මෙම බිම් පෙදෙසේ පිහිටීම වෙබ් අඩවියක් ඉතා පැහැදිලිව දක්වා ඇත. මෙම හෙළබිමේ ඇති සුවිශේෂතාවය වරින් වර ඉස්මතු කරන සාධක හා සනාථ කිරීම් වරින් වර මතු වූ බව පෙනේ. මමත් ඔබත් ජීවත්වන මෙම යුගයේ දී මෙය සිදුවෙමින් පවතින බවට කෙටි සාධකයක් මෙසේ දක්වමි. පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නා හිමිගේ පූජාවලිය 108 පිටුවේ දක්වන්නේ තාම්බ‍්‍රපන්නී නුවර කුඹුල්වතය ඇතුලූ මේ පන්තිස් නුවර මධ්‍ය මණ්ඩලයට ඇතුලත්මය. මෙම මහනුවරවල්, සිටුවරුන්, දෙවියන්, අසූමහ සව්වන්, පසේ බුදුන් හා ලොව්තුරා බුදුවරුන් වන උත්තමයන්ගේ උප්පත්ති ස්ථානයකි, එසේම මෙයින් පිටත් බෙංගාලය, වගුරටය, සින්දුය, නේපාලය, චීනය, මහාචීනය, කාශ්මීරය, වඩිගය යන මෙකී (43 නුවර) දේශවල බුද්ධාධීහු නොඋපදනා සේක. එසේ හෙයින් බුදුන් උපදනාවූ මේ මණ්ඩලය නම් වූ අනන්තාපර්යන්ත සක්වලටද සක්වල නොකියන සෙසු දිවයින් වලටද දෙව්ලොවට ද ඹබ ලොවට ද වඩා මෙම මධ්‍ය මණ්ඩලයම උතුම්ය. එසේ හෙයින් මගේ ශ‍්‍රී මහා බෝධි සත්වයෝ උතුම් වූ මේ මණ්ඩලයේ දීම උපදිම දුටු සේක. (පූජාවලියේ 108 පිටුව)
මෙම උතුම් මධ්‍ය මණ්ඩලය ගැන මදක් විමසමු. මහාද්වීපයකට බද්ධව පවතින අර්ධද්වීපයක් වූ ඉන්දියාව තුළ මධ්‍ය මණ්ඩලයක් ගැන සිතීම අසීරුය. (හිමාලය පාමුල නේපාලයේ පිහිටි ප‍්‍රදේශය)නේපාලය, වගුරට, කළිගු රට ආදී ඉන්දියානු නගර මධ්‍ය මණ්ඩලයක නොව බුදුවරු නොඋපදනා පරසමය දේශයකට අයත් වන බව පූජාවලිය, ත‍්‍රිපිටකය, ඇතුලූ බෞද්ධ ඉතිහාස පොත්වල සඳහන් නිසා (108 පූජාවලිය කිරිඇල්ලේ ඤාණවිමල නා හිමි) ඉන්දියානු දඹදිවක් හා මධ්‍ය මණ්ඩලයක් පිළිබඳ තොරතුරු ඉතිහාස මූලාශ‍්‍ර හා සැසඳෙන්නේ නැත. එපමණක් නොව පූජාවලියේ දැක්වෙන මධ්‍ය මණ්ඩල විස්තර වලට අදාලව වඩා සවිස්තර ලෙස තොරතුරු සොයා බැලීමෙන් පෙනී යන්නේ මධ්‍ය මණ්ඩලය යනු වෘත්තයක කේන්ද්‍රය, රටක මධ්‍යය, ලෝකයේ මධ්‍යය, සෞරග‍්‍රහ මණ්ඩලයේ පෘථිවියේ පිහිටි මධ්‍යය ආදී වශයෙන් මැදිහත් බව පුලුල් කෝණයකින් දැකිය යුතු බවය. පූජාවලියේ සඳහන් ඉහත දක්වා ඇති තොරතුරු වලට අදාලව මධ්‍ය මණ්ඩලයක් පිළිබඳ මෙම කරුණු සැලකිල්ලට ගත් විට මධ්‍ය මණ්ඩලයක උතම් බව, ප‍්‍රමුඛත්වය, වටිනාකම වැදගත්කම පිළිබඳව ඉදිරිපත් කර ඇති තොරතුරු ඉහත දැක්වූ පරිදි ඇමරිකාවේ නාසා ආයතනය උඩුගුවනට විදින ලද කෘතිම චනද්‍රිකාවක් මගින් පෘථිවියට එල්ල වන ආකර්ෂණ ශක්ති බලපෑම පිළිබඳ පරීක්‍ෂණයක් තුළින් ශ‍්‍රී ලංකාවේ පිහිටීම හා මධ්‍ය මණ්ඩලයක සුවිශේෂ සුපිරිතාවය විද්‍යාත්මක සාධක මගින් සනාථ කර ඇත. (පූජාවලියේ 108 පිටුවේ මධ්‍ය මණ්ඩල විස්තරය හා ඵසිිසදබ ඨර්ජැ 2002 වෙබ් අඩවියේ විස්තර සසඳන්න)
ඉහත දැක්වූ පරිදි වෙනත් ග‍්‍රහලෝක වලින් එල්ල වන ආකර්ෂණය හා සූර්යයාගේ කිරණ විශ්ව ශක්තිය වශයෙන් හැඳින්වෙන අතර මෙම හෙළ බිමට පමණක් විශේෂ වූ එම ශක්තිය සඳ පායන පොහෝ දිනකදී වඩා තීව‍්‍රර වන අතර මධ්‍ය මණ්ඩලයක සුපිරි සුවිශේෂතාවය ද එය විය හැක. ඉහත වෙබ් අඩවිය අනුව පොදුවේ ශ‍්‍රී ලංකා භූමියට අයත් මුළු භූමිය තුළ මධ්‍ය මණ්ඩලයක ගුණාංග පැවතිය ද ශ‍්‍රී ලංකා සිතියමක මැදවච්චියේ සිට බුදුගල දක්වා අඳින ලද සෘජු රේඛාවක් අවට ප‍්‍රදේශය හෙළ භූමියේ මධ්‍යය නිසා එහි එම ගුණාංග වල තීව‍්‍රරතාවයක් ඇතිවිය හැකිය. බුද්ධ භාෂිතය අනුව අඩුම වශයෙන් පළමුවෙන්ම ත‍්‍රිලක්‍ෂණය චතුරාර්ය සත්‍යය, පටිච්ච සමුප්පාදයේ තිපරිවට්ටය, අරිය අටමග යම් තරමකට අවබෝධ කරගෙන ඉහත දැක්වූ මධ්‍ය රේඛා අවට ඇති පූජනීය ස්ථාන වල භාවනානුයෝගීව සිටීමෙන් (අඩුම වශයෙන් පැය කීපයක්) ගත කිරීමෙන් ලබන අමරණීය සුවය අත්දැකීමකින්ම ලබාගත යුතු බව පමණක් මෙහි සඳහන් කරමි.
හෙළ ඉතිහාසය පමණක් නොව බුද්ධ භාෂිතය ද පද පරම සම්මතයක පිහිටා අඳුරේ අත පත ගාන විශාල පිරිසක් සිටියද සුළු පිරිසක් හෝ නිවැරදි අවබෝධයෙන් කටයුතු කරන බව අප අත්දැකීමෙන් දනිමු. සිව්හෙළය හා හෙළ යන වචන ලක්දිව වැසියන් හඳුන්වන්නේ ඈත අතීතයේ සිටය. මෙම වචනයේ අර්ථය විවිධ ආකාරයෙන් දැක්වීමෙන් පැහැදිලි වන්නේ අප ඉතිහාසයෙන් බොහෝ දුරට දුරස් වී ඇති බවය. මෙයට හේතුව වී ඇත්තේ හෙළ අටුවා ටීකා විනාශ කිරීම බව පෙනේ. බොහෝ දෙනෙකුගේ මතය වන්නේ “හෙළය” යනු පල්ලම හෝ ප‍්‍රපාතයයි. තවත් මතයක් වන්නේ සමනල කන්ද මහා ගංගා හතරින් හෙළ හතරක් සෑදුන නිසා සිව්හෙළය වූ බවයිග පසුව යක්, රක්, නා, දෙව් ද ඊටත් පසුව යක්, නා, දෙව්, කුමභාණ්ඩ හෝ ගාන්ධර්ව ආදී ජාති වශයෙන් විග‍්‍රහ කෙරිණ. වර්තමානයේ මේ එක් ජාතියක්වත් නැත. දැන් අප අතර සිටින්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් මැලේ, හෙට්ටි ආදී වශයෙනි. වර්තමානයේ බොහෝ දෙනෙක් හෙළ යන වචනයෙන් පෙනී සිටීමෙන් ද එය ඉස්මතු කිරීමට උත්සාහ දරණවාද විය හැක. එසේ වුවද හෙළ අටුවා ටීකා ටිප්පනි විනාශ කිරීමෙන් පසුව අපිට අහිමි වූ තොරතුරු සොයා නන්නත්තාර වී ඇති බව පෙනේ. මෙවන් මොහොතක “සිතුනෙත” සඟරාව බිහිවූයේ ඔබේ නෙතට සැඟවුනු සියලූ සිතුවම් යොමු කිරීමට ය.
හෙළ ඉතිහාසය පිළිබඳ අභියෝගාත්මක ගවේෂණවල නිරත වෙමින් පොත්පත් රාශියක් ලියා ඇති මූකලංගමුවේ පඤ්ඤානන්ද හිමිපාණන් සහ ඞී. කේ. රාජපක්‍ෂ වියතාණන් මෑතක දී ලියා ඇති “පුලසත ධර්ම ගබඩාවේ අත්පොත” හා “හෙළ ශබ්ද සංඥා” යන පොත්වල දැක්වෙන ආකාරයට පුලස්ති සෘසිවරයා බුද්ධ භාෂිතය අනුව මෙම හෙළ බස නිර්මාණය කර ඇති බවය. එහි දැක්වෙන ආකාරයට සිව්හෙළය යන වචනයේ නිරුක්තිය දක්වා ඇත්තේ මෙසේය.
හ ූ එ ූ ළ ූ අ ු හෙළ
හය ආකාරයේ හෙලිකරගෙන එය විනිවිද දැකගත් අය හෙළයන් වියග ළ යන්නෙන් අර්ථවත් වන්නේ නිරුවත නොහොත් ඇතුළත විනිවිද දැකගත් බවයිග (ළ යන්නේ ඉහ දෙකක් හා වක‍්‍රයක් තුළ තවත් වක‍්‍රයක් ඇති බව දකින්න) හෙළ අක්‍ෂර දෙස බලන විට පෙනී යන්නේ මෙම රවුම් අකුරු වලට සමාන අක්‍ෂර විශේෂයක් ලෝකයේ කුමන හෝ භාෂාවක දැකගන්නට නැති බවයි. මෙම අක්‍ෂර වල නිර්මාණ රටාව දෙස බැලීමෙන් පෙනී යන්නේ ඉස්පිලි, පාපිලි, ඇදය, රේපය, යන්සය, හල් කිරීම, ගයනුකිත්ත, කොමබුව, ඉහ, වක‍්‍ර හා බින්දු යන උපාංග සම්බන්ධ වීමෙන් අර්ථ දක්වන ආකාරය අපූර්ව නිර්මාණයකි. හෙළ අක්‍ෂර වලින් දක්වන අර්ථද ඉතා සරළය. පැහැදිලිය.
උදා : තැන් වලට හාවීම තණ්හාය කම් ඉටුවනුයේ කොමිටි වලිනි. ඉංග‍්‍රිසි බසින් කොමිටි යන්න හෙළ බසින් බිඳී ආවක් විය හැකිය. බු ූ උද්ද යනු බවය උදුරා දැමීම යන අර්ථයයි.
ලෝකයේ හැම කෙනෙක්ම බුදුන් වහන්සේ හඳුන්වන්නේ බුද්ධ හෝ ඛද්ා ඊමාාය් යනුවෙනි. බුදුන් වහන්සේ ඉන්දියානුවෙක් නම් බුදු වූයේත් ඉන්දියාවේම නම් බුද්ධ යන හෙළ වචනයෙන් උන් වහන්සේ හැඳින්වූයේ ඇයි?. උන්වහන්සේ ඉන්දියාවේ ඉපදී ලංකාවේ බුදු වූයේද යන්න විමසීම ඔබට බාරය. ඔබගේ යෝනිසෝ මනසිකාරයට යොමුකොට ගළපා තෝරා බේරා ගත යුතුය.
සං යනු සයාකාර අං නොහොත් උල් වල පටලැවුනු ඇමුණුනු එකතු වුනු දේය. සං, කාර කොහොත් කිරීම සංකාර වේ. සං එකතුකිරීම ද ක්‍ය යනු අඩුකිරීම හෝ නැති කිරීම ද වේ. සංඛ්‍යා යනු එකතු කරන අඩුකරන උපකරණ වේ. (ඉලක්කම් වේ)
ඉහත දැක්වු තොරතුරු වලින් පැහැදිලි වන්නේ බුද්ධ භාෂිතය පදනම් කරගෙන හෙළ බස නිර්මාණය වී ඇති බවය. මහාවංශයට හා දීපවංශයට පදනම් වී ඇත්තේ සීහළට්ටකතා හා උත්තර සීහළට්ටකතා බව මහාවංශයේම සඳහන් වේ. සීහ යනු බුදුන් වහන්සේ හඳුන්වන නමකි. එඩිතරකම හා තේජස මෙහි අර්ථය වේ. අට්ට කතා යනු අප දන්නේ විස්තර කතා වශයෙනි. අට්ට යන්නෙහි ගැඹුරු අර්ථයක් ඇත. අවිද්‍යා පච්චයා සංකාරා, … ආදී වශයෙන් අවස්ථා නවයක් සම්පූර්ණවීමෙන් බව නොහොත් බිහි කිරීම සිදුවේ. නව වැනි අවස්ථාවට ඉඩ නොදී අට හෝ ඊට පෙර අවස්ථාවන්ට ද ඉඩ නොදී වලක්වා ගතහොත් භවය බිහි නොවේ. අට සම්බන්ධ අවස්ථාවන් හා ඊට අදාළවද වෙනත් ධර්ම කරුණු ද අට සම්බන්ධ සිදුවීම් රාශියක් ද කතා රාශියක් ද ඇති නිසා ඒවා අටේ කතා නොහොත් අට්ට කතා යනුවෙන් හැඳින්වේ. අට්ට කතා විස්තර කතා යනු සාමාන්‍ය හැඳින්වීමකි. ඉහත දැක්වූ අට්ට කතා පදනම් කරගෙන හය ආකාරය හෙලි කරගෙන එය විනිවිද දැක්ම සහිතව මහණ, මෙහෙණ ,උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස සිටි මේ දිවයින සිව්හෙළය විය. බුදුන් වහන්සේ ලක්දිවෙන් ඉන්දියාවට හෝ ඉන්දියාවෙන් ලංකාවට වැඩිය බවක් මහාවංශය හෝ දීපවංශය හෝ කිසිඳු ලේඛණයක සඳහන් නොවේ. ඒවායේ සඳහන් වන්නේ ජම්බු දීපයේ සිට(දඹදිව) ලංකාපුරට වැඩිය බවයි. “ජම්බුදීපා ඉදගාතා ලංකාපුර “ යනුවෙනි. ලංකාපුර යනුවෙන් අතීතයේදී හෙළය හඳුන්වා නැති අතර ලංකාපුර යනු දැන් අනුරාධපුර හැඳින්වූ පැරණි නමය. අවසාන වශයෙන් බුදුන් වහන්සේගේ චරිතය හා බුද්ධ භාෂිතය මේ හෙළබිමට කෙතරම් සමීපද යන්න හැඳිනගෙන අවබෝධ කරගෙන ඉතා ගැඹුරින් සිතා බැලිය යුතු කාලය දැන් එළඹ ඇත. අතීත සිව්හෙළය වර්තමානයේ දීත් අනාගතයේ දීත් සිව්හෙළයම වේවා.
විශ‍්‍රාමලත් කතිකාචාර්ය
පී. ඒ. ඞී. වික‍්‍රමරත්න .
වටිනවා ගොඩක් පිං
ReplyDelete