Sunday, August 17, 2014

සිදුහත් උපත පිළිබඳ ජෝතිෂ්‍ය පරීක්‍ෂණයකට ඇරයුමක්

බුදුන් වහන්සේගේ කේන්‍ද‍්‍රය හෝ උපත හෝ පරිණර්වානය සිදුවූ වර්ෂයවත් ඉන්දියාවෙන් සොයාගත නොහැකි බව පෙනේ. එහෙයින් සිදුහත් උපත සිදු වූ ස්ථානයල වර්ෂය හා දිනය උපයෝගී කරගෙන ජෝතිෂ්‍ය පරීක්‍ෂණයකට ඇරයුමක් කෙරෙන මෙම ලිපියේ සිදුහත් උපත පිළිබඳව දැනට ශ‍්‍රී ලංකාවේ හමුුවූ මූලාශ‍්‍ර පහකින් ලබාගත් තොරතුරු මෙහි පහත දැක්වේ. 2012 මැයි මස 08 වන ඉරිදා මව්බිම පුවත්පතට ලිපියක් සපයමින් ශාස්ත‍්‍රවේදී එම්. එම්. අමුගොඩ මහතා සිය ලිපියේ ඉන්දියාවේ විසූ සුප‍්‍රසිද්ධ ජෝතිෂ්‍ය විශාරදයෙකු වූ බී.වී. රාමන් මහාචාර්යවරයාගේ "Notable Horoscopes" නමැති ග‍්‍රන්ථයේ සඳහන් බුදුන්වහන්සේ ගේ හඳහන හා එම වකවානු පිළිබඳව ශාස්ත‍්‍රානුකූල පැහැදිලි විස්තරයක් දක්වා ඇත. පෙරදිග විද්වතුන්ට අනුව සිදුහත් උපත ක‍්‍රි.පූ. 563 බව දක්වතත් උපන් දිනය පිළිබඳව තාරකා විද්‍යානුකූල කරුණු අමතක කර දමා හෝ නොසලකා හැර ඇති බව බී.වී. රාමන් විද්වතාගේ අදහසයි. රාමන් මහතාගේ ලාංකික මිත‍්‍රයෙකු වූ සයිරස් අබේකෝන් නමැති විද්වතා සම්ප‍්‍රදායානුකූල විස්තර තමා වෙත එවා ඇති බවත් ඒ අනුව කලියුග වර්ෂ 2478 වෙසක් මස පුන් පොහෝදා අඟහරුවාදා දින මධ්‍යහ්නයේ සිද්ධාර්ථ කුමරෝත්පත්තිය සිදු වූ බව දක්වයි. අබේකෝන් මහතාගේ ශ්ලෝකය අනුව එය පැහැදිලිව "ක්ෂිති සුත දිවස" ලෙසත් එය අඟහරුවාදා බවත් දක්වයි. එහෙත් කලියුග වර්ෂ 2478 "වෛශාඛ්‍ය ශුක්ල පූර්ණිමා" යනු ක‍්‍රි.පූ. 624 අපේ‍්‍රල් 26 වෙනි දාය. එය සිකුරාදා දිනයකි. එහෙත් එම වේලාවට පවතින ග‍්‍රහ පිහිටීම් අනුව බුදුන්වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට යෝග්‍ය නොවන බව ඒ මහතාගේ අදහසයිග බී.වී. රාමන් මහාචාර්යවරයාට ලංකාවෙන් ලැබුණ සිදුහත් උපත සිදු වූ වේලාව නිවරද කරගෙන එකී වේලාවට එල්ලවන ග‍්‍රහ පිහිටීම් පරීක්‍ෂාකර ඇත්තේ වර්තමාන ඉන්දියාවේ හිමාලය පාමුල පිහිටි නේපාලයේ ලුම්බිණි යැයි හඳුනාගෙන ඇති ස්ථානයට විය යුතුය. එම පරීක්‍ෂණයෙන් හෙළිවී ඇත්තේ එම වේලාවේ එම ස්ථානයේ එවැනි උපතක් සිදුවී නැති බවය. මහාචාර්ය රාමන් මහතාගේ මතය නිවැරදි විය හැකියග මින් පෙනී යන්නේ උපන් වේලාවේ හෝ ස්ථානයේ බරපතළ දෝෂයක් සිදුවී ඇති බවයග ශ‍්‍රී ලංකාවෙන් සපයා ඇති දිනයේ ද වරදක් ඇති බවක් නොපෙනේ. ශ‍්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා සතු පුස්කොළවල ලියා ඇති විස්තර වලට අනුව "වෛශාඛ්‍ය ශුක්ල පූර්ණිමා" යනු වෙසක් පොහෝ දිනය බව පැහැදිලියග එය ක‍්‍රි.පූ. 624 අපේ‍්‍රල් 26 වෙනි දාය. මෙහිදී ක‍්‍රි.පූ. වර්ෂ කලියුග වර්ෂවලට ගණනය කිරීමේදී ගැටලු සහගත බවක් වන්නේ,0, ගැන සැළකිලිමත් නොවීම නිසා ක‍්‍රි.පූ. වර්ෂ ගණන් ගැනීමේදී වසරක වෙනසක් ඇති විය හැක. 

උදා: කලියුග වර්ෂ ආරම්භය ක‍්‍රි.ව. ආරම්භයට වර්ෂ 3101 පූර්වයෙනි. එහෙත් සම්ප‍්‍රදායානුකූල භාවිතයේ දී එය කලියුග වර්ෂ 3102 වේ. එහෙයින් කලියුග වර්ෂ ක‍්‍රි.පූ. වර්ෂ වලට ගණනය කිරීමේදී වර්ෂයක වෙනසක් ඇතිවේ. මේ අනුව ශාස්ත‍්‍රවේදී එම්.එම්.අමුගොඩ මහතාගේ මතය අනුව බුදුන්වහන්සේගේ උපත සිදුවී ඇත්තේ කලියුග වර්ෂ 2479 වෙසක් මස පුන් පොහෝ දිනය දා විය හැකිය. එනම් ක‍්‍රි.පූ. 623 අපේ‍්‍රල් 14 වන දාය. මෙය බැහැර කළ නොහැකි තර්කයකි. දිනය පිළිබඳ ගැටලුවක් ඇති නොවන්නේ වෙසක් පුන් පොහෝ දිනය වෙනස් නොවන හෙයිනි. වෙනත් සාධක ද ඇති නිසා මෙම දිනය නිවැරදි බව මෙම ලියුම්කරුගේ මතයද වේ. 

ඉහතින් ඉදිරිපත් කළේ ශාස්ත‍්‍රවේදී එම්.එම්. අමුගොඩ විද්වතානන් ඉදිරිපත් කළ බුදුන්වහන්සේගේ කේන්ද්‍රය පිළිබඳ තොරතුරුය. පහත දැක්වෙන්නේ ආචාර්ය පියසේන රතුවිතාන වියතානන් විසින් 2012 මැයි 08 ඉරිදා මව්බිම පුවත් පතට සැපයූ කේන්ද්‍ර පිටපත හා විස්තරයයි.

කේන්ද්‍ර සටහන I


කලියුග වර්ෂ 2478 වෙසක් මාසයේ දිනයක දහවල් 12.25ට වීසා නැකතේ II පාදය

කේන්ද්‍ර සටහන II


මෙහි පහත දැක්වෙන්නෙ බළංගොඩ ආනන්ද මෛත‍්‍රිය ස්වාමීන් වහන්සේ ලියූ බුද්ධ චරිතය යන ග‍්‍රන්ථයේ බුදුන් වහන්සේගේ කේන්ද්‍ර සටහන් දක්වා ඇති ආකාරයයි. (සිද්ධාර්ත බුද්ධ චරිතය-බලංගොඩ ආනන්ද හිමිග පි-314)

ඉහත දැක්වූ පියසේන රතුවිතාන ආචාර්යතුමා ඉදිරිපත් කල කේන්ද්‍රයට වඩා මෙහි වෙනසකට ඇත්තේ රවි 11 වැන්නේ නොව බුද සමග 10 වැන්නේම සිටීමයි.  


 කලියුග වර්ෂ 2478 වෙසක් පොහෝ දින දහවල් 11:04 ට වීසා නැකත

කේන්ද්‍ර සටහන III


බළංගොඩ ආනන්ද මෛත‍්‍රීය මහ නා හිමියන් ඉදිරිපත් කළ කේන්ද්‍රයට හැම අතින් ම සමාන තවත් කේන්ද්‍රයක් පහත දැක්වේ. 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් බෙන්තොට ගලපාත මහා විහාරයේ ක්‍ෂ්‍යාමෝපාලී මහා නිකායේ ගරු උපාධ්‍ය්‍යාය වැලිපැන්නේ උපතිස්සාභීධාන දක්‍ෂීණ ලංකා සංඝනායක මාහිමිපාණන් වහන්සේ විසින් හෙළ අක්‍ෂර වලින් යුත් ශ්ලෝකයක් අනුව සකස් කරන ලද බුදුන් වහන්සේගේ කේන්ද්‍ර සටහනක් උන් වහන්සේ විසින් රචිත,බුද්ධ ප‍්‍රතිපත්ති හෙවත් බුද්ධ ඇදහිල්ල, නම් ග‍්‍රන්ථයේ අවසාන පිටුවේ දැක්වේ. එම ග‍්‍රන්ථයේ දැක්වෙන (423 පිටුවේ) ශ්ලෝකය පහත දැක්වේ.

වෛශාඛෙ මාසිරාධෙ ක්‍ෂිති සුත දිවසෙ ගීෂ්පතිසෙථ කුලීරෙ
මීනෙ ශුක්‍රෙ සසෞම්‍යෙ දස සන කිරණෙ මෙෂගෙ ව්‍යොම්නී මධ්‍යෙ
පූණෙ වෙන්‍ද්‍ර තුලායා මපරදිශි මෘගෙ මඞගලෙ කුම්භ ගෙකෞ
සර්‍වඥඃ සර්‍වවන්‍ද්‍යඃ කිලකපිලෙ පුරෙ ජාතවාන් ශ‍්‍රී මුනින්‍දා

මින් කියැවෙන්නේ කලියුග වර්ෂ 2478 වෙසක් මස අර්ධයෙහි අඟහරුවාදා දවසේ කටක ලග්නයේ ගුරු ග‍්‍රහයා ද, සිකුරු මීන රාශීයේ ද, රවි බුධ සම මේෂ රාශියේ ද, තුලා රාශියේ පූර්ණ චන්ද්‍රයා ද, මකරයේ අඟහරුවා ද, (කුජ) සෙනසුරා කුම්භයේ ද, වීසා නැකතේ සියල්ල දත්තා වූද සියල්ලන් වැන්දයුතු වූද ගෞතම මුනිද්‍රයන් වහන්සේ කපිලවස්තු පුරයෙහි උපන් සේක යනුවෙනි. රාහු සහ කේතු මෙම ශ්ලෝකයට ඇතුළත් නැති නිසා ලේඛක ස්වාමීන් වහන්සේ විසින් සකස් කරන ලද සම්පූර්ණ කේන්ද්‍ර සටහනක් එම ග‍්‍රන්ථයේ 424 පිටුවේ දැක්වේ. 

කේන්ද්‍ර සටහන IV


තාරකා ශාස්ත‍්‍රය හෙවත් නැකත් ශාස්ත‍්‍රය පිළිබඳ අප ගැමියෝ විශේෂ අවධානයක් යොමු කළහ. ඕනෑම කටයුත්තකදී නැකත් බැලීම ගැමියන්ගේ සිරිතය. මෙහිදී කේන්ද්‍රයට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. අප ගෞතම බුදුන් වහන්සේගේ වේලාපත්කඩය නොහොත් කේන්ද්‍රය ගැමියා දුටුවේ මෙසේය. මේ හෙළදිව ගැමියා ගෞතම බුදුන්වහන්සේට කෙතරම් සමීපව සිටියේ ද යන්න පැහැදිලි කිරීමට ජන කවි රාශියක් ඇතත් අප මාතෘකාවට අදාළ ජන කවි දෙකක් පමණක් මෙසේ ඉදිරිපත් කරයි.

ගුරුළුහාමි (ගුරු) ඇද වැටුනයි කකුළු (කටක) වලේ
හඳහාමී (චන්‍ද‍්‍ර) බඩු කිරුවයි වෙළද සැලේ (තුලා)
රතුහාමී හත (කුජ) කියමින් මෝර වලේ
කළු හාමී (ශනි) නොන්ඩි ඇනඇන වැටුණි කැලේ (කුමිබ)

මනමාලයා (සිකුරු) මාලු (මීන) ගොඩකට යට වෙච්චි
සොමිපුත් එදා එළු ගාලට (බුධ) (මේෂ)කොටු වෙච්චි
වන මැද ගොස් දෙවිබඹු (රවි) මුණ ගැස්සෙචිචි
එවැනි දාක ඉපදුනි අපෙ බුදු අප්පොච්චි

ඉහත ඉදිරිපත් කළේ 2012 අපේ‍්‍රල් 29 ඉරිදා සිළුමිණ පුවත් පතේ පුන්කළස අතිරේකයේ ගම්මැද්ද විශේෂාංගය යටතේ ගැමිකමයි කවිකමයි  මාතෘකාව යටතේ බටුගොඩ ඇම්.එස්. රණතුංග වියතානන් ඉදිරිපත් කළ ලිපියකින් උපුටාගත් ගැමි කවි දෙකකි.  

රාහු හා කේතුගේ පිහිටීම හැරුණු විට අන් සියලු ග‍්‍රහයින්ගේ පිහිටීම මෙම කවි දෙකේ සඳහන් වන බව ඔබට වැටහෙනු ඇත. බළංගොඩ ආනන්ද මෛත‍්‍රිය හිමිපාණන් ඉදිරිපත් කළ කේන්ද්‍රයට මෙම ග‍්‍රහ පිහිටීම සමාන වේග රාහු කේතු හා රවි පිහිටීම මෙහි පැහැදිලි නැත. 

කේන්ද්‍ර සටහන V


අවසාන වශයෙන් 2014 ජනවාරි මස 12 ඉරිදා ලංකාදීප පුවත් පතේ "හඳහන" රසවිත විශේෂාංගය යටතේ "රජෙකුට සමාන සැප ලබන ගජකේශරී හා සස යෝග" යන මාතෘකාව යටතේ ලලිත් ශ‍්‍රී සිටිනාමලුව වියතානන් ලිපියක් සපයමින් සිය ලිපියේ දක්වන්නේ රවි 10 වැන්නේ මේෂයෙහි ද බුද යුක්තවද, ගුරු උච්චව කටකයේද, ලග්නගතවද රාහු දෝෂභංග බලයුතුව ද, 3 වැන්නේ කන්‍යාවේද ශනි තුලාවේ උච්චව 4 වැන්නේ සඳු හා යෝගවද කුජ උච්චව 7 වැන්නේද මකරයේ යුක්තව ද රාහු උච්චව කන්‍යාවේද සිකුරු උච්චව මීනයේ ද කේතු යුක්තව ද අති උත්තම සම්මාසම්බුදු හිමි වූ සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ බවය.

ලලිත් ශ‍්‍රී සිටිනාමලුව වියතානන්ගේ සැලකියයුතු වැදගත් ම මතය වන්නේ ගුරු, ශනි, රවි, කුජ, බුධ යන සියලු ග‍්‍රහයින් යෝගබල සහිත ව ග‍්‍රහ පිහිටීමක් නැවත යෙදීම අවුරුදු කෝටි මිලියන ප‍්‍රමාණයකින් වත් ගණනය කළ නොහැකි වන අතර එවන් අවස්ථාවක ලොවට නැවත බුදුවරයෙකු පහළවන බවය.

මෙම ලිපියෙන් බුදුන්වහන්සේගේ කේන්ද්‍රය පිළිබඳව මූලාශ‍්‍ර 5 කින් ලබාගත් තොරතුරු ඉදිරිපත් කර ඇතග මෙම පිටපත් 5 න් වෙනසකට ඇත්තේ ලලිත් ශ‍්‍රී සිටිනාමලුව මහතා ඉදිරිපත් කල කේන්ද්‍රයේ ශනි 4 වැන්නේ වීමත් මහාචාර්ය පියසේන රතුවිතාන මහතා ඉදිරිපත් කල කේන්ද්‍රයේ රවි 11 වැන්නේ වීමත් හැර අන් සියලු සටහන් වල ග‍්‍රහ පිහිටීම් සමානය.

ඉහත දැක්වූ මූලාශ‍්‍ර වලින් ලැබී ඇති තොරතුරු අනුව උපත සිදු වූ වේලාවන් තුනක් වශයෙන් සඳහන් වේ. ආචාර්ය පියසේන රතුවිතානයන්ගේ සටහන අනුව මධ්‍යහ්න 12:15ට ය. බළංගොඩ නාහිමියන්ගේ සටහන අනුව උදේ 11:04ට ය. ඞඩී.කේ. රාජපක්‍ෂ වියතානන්ගේ සටහන අනුව උදේ 10:00ට ය. මෙම කාල පරාසය එකම දිනයක පැය දෙකකට සීමා වන නිසා එම කාලය එකම නක්‍ෂත‍්‍රයක බව පෙනේ.

ඉහත දැක්වූ පරිදි ශ‍්‍රී ලංකාවේ මූලාශ‍්‍ර කිහිපයක සිදුහත් කුමරුගේ උපන් දිනය වේලාව නැකත ඊට අදාල ග‍්‍රහ පිහිටීම අඩංගු කේන්‍ද‍්‍ර සටහන ඇතුලු සියලු තොරතුරු ලේඛන ගත වී ඇත. බුදුන් වහන්සේගේ උපන් දිනය පමණක් නොව බුදුවීම ප‍්‍රථම දේශනය පරිනිර්වාණය සිදුවූ ස්ථාන පිළිබඳව සියලු තොරතුරු මේ හෙළ බිමෙන් සොයාගෙන ඇති බවට මත ඉදිරිපත් වී ඇත. එම මත ඉදිරිපත් කරන ගරු ස්වාමීන් වහන්සේලා සහ විියතුන් ඊට අදාල පුරාවිිද්‍යා සාක්‍ෂි සෙල්ලිපි හා ලේඛන ඉදිරිපත් කර ඇත. ඉන්දියාවේ විිසූ ප‍්‍රවීණ ජොතිෂ්‍ය විිශාරදයකු වූ මහාචාර්ය බී.වී. රාමන් මහතාගේ මතය වූයේ බුදුන් වහන්සේගේ උපන් දිනය පිළීබඳව තාරකා විද්‍යානුකූල හා සම්ප‍්‍රදායානුකූල කරුණු අමතක කර දමා නොසලකා හැර ඇති බවය. එහෙයින් ලොකයේ සිටින සියලුම දේශීය හා විදේශීය ජෝතිෂ්‍ය විශාරද උතුමන්ට වියතුන්ට මේ හෙළබිමේ මූලාශ‍්‍ර පදනම් කරගෙන සකස් කරන ලද පහත දක්වන ජෝත්ෂ්‍ය පරීක්‍ෂණ වල යෙදෙන ලෙස මම ගෞරවයෙන් ආරාධනය කරමිග දක්‍ෂ ප‍්‍රවීණ උගත් විියතුන්ට අති ක්‍ෂූක්‍ෂම යන්ත‍්‍ර උපයෝගී කරගෙන හෝ ගණනය කිරීමෙන් හෝ පරීක්‍ෂණ වල හා විකල්ප පරීක්‍ෂණ වල යෙදිය හැකි යැයි මම විිශ්වාස කරමි.

පරීක්‍ෂණ


01. I. කලියුග වර්ෂ 2478 (ක‍්‍රි.පූ. 624 අපේ‍්‍රල් 26 වන වෙසක් පෙහෝදා) වෙසක් පොහෝදින උදේ 9.30 සිට දහවල් 12.30 අතර කාලය තුළ (උදේ 10.10 /11.04 හා දහවල් 12.25 ට)

II. කලියුග වර්ෂ 2479 (ක‍්‍රි.පූ. 623 අපේ‍්‍රල් 14 වෙසක් පොහෝදා) වෙසක් පොහෝ දින උදේ 9.30 සිට 12.30 අතර කාලය (උදේ 10.00 ට /11.04 ට හා දහවල් 12.25 ට)

යන ඉහත දින දෙකේම ශ‍්‍රී ලංකාවේ මැදමහනුවර තෙල්දෙණිය උතුරු අක්ශාංෂ 7.29 ^Latitude North 7.29 0 & හා නැගෙනහිර දේශාංශක 80.76 ^Longitude East  80.76) යන බුදුන් උපන් යැයි සලකන ස්ථානයට එල්ල වූ ග‍්‍රහ පිහිටීම පරීක්‍ෂා කිරීම.

02. මෙහි පහත ඉදිරිපත් කර ඇති ග‍්‍රහ පිහිටීම් (බුදුන් වහන්සේගේ කේන්‍ද‍්‍ර සටහන දත්ත වශයෙන් සලකා ශ‍්‍රී ලංකාවේ මැද මහනුවර තෙල්දෙණියට නැගෙනහිර දේශාංශක 80.76 ^Longitude East  80.76) හා උතුරු අක්ශාංෂ 7.29 ^Latitude North 7.29 0 & ස්ථානයට කෙබඳු වර්ෂයක කුමන දිනයක වේලාවක එල්ල වූයේ ද යන විිකල්ප පරීක්‍ෂණයක යෙදීම.

බුදුන් වහන්සේගේ උපන් දින කේන්‍ද‍්‍ර සටහන

03. ඉහත 01 පරීක්‍ෂණය සඳහා දැක්වූ බුදුන් වහන්සේගේ උපන් දිනයට වේලාවට වර්තමාන ඉන්දියාවේ නේපාලයේ බුදුන් උපන්නායැයි හඳුනාගෙන ඇති ස්ථානයට (ලුම්බිණි) කුමන ග‍්‍රහ පිහිටීමක් එල්ල වූයේ ද යන්න පරීක්‍ෂා කිරීම.

මෙම ජොතිෂ්‍ය පරීක්‍ෂණය සඳහා පූර්ණ අවධානය යොමු කරන ලෙස දේශීය හා විදේශීය ජෝතිෂ්‍ය වේදීනට හා විද්වතුන්ට ගෞරවයෙන් ආරාධනය කරන අතර බුද්ධ වර්ෂය නිවැරදි කරගැනීම සඳහා සමස්ත බෞද්ධ ජනතාවගේ ම අවධානය යොමුවේවායි පතමි.

සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ විශ‍්‍රාමලත් කථිකාචාර්ය
පී.ඒ.ඞී. වික‍්‍රමරත්න විසිනි.

පී.ඒ.ඞී. වික‍්‍රමරත්න,
අංක 177/1,
ශ‍්‍රී සුගතෝරස මාවත,
පහළගම - ගස්පෙ
බාඳුරාගොඩ.

033-2274546/071-4697045

පසු විශේෂ සටහන


මෙම ලිපියේ සඳහන් මූලික කරුණු වන සිදුහත් උපතට අදාලව මේ හෙළබිමේ ඇති මූලාශ‍්‍ර (පුස්කොල පත් හා වෙනත් ලේඛන) සැලකිල්ලට ගතහොත් බෞද්ධ ජනතාවට වැදගත් වන පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කරවමි.

සාමාන්‍යයෙන් රවි ග‍්‍රහයා මීන රාශීයෙන් මේෂ රාශියට පිවිසීම යනු අවුරුදු උදාවයි. එය ජාතික උත්සවයයි. සුදු පාලකයින්ගෙන් පසු එය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය විය. බෞද්ධයින්ට වෙසක් හා පොසොන් වශයෙන් තවත් උත්සව දෙකකි. එහෙත් දෙමළල මුස්ලිම් හා කතෝලික ජනයාට ආගමික හා ජාතික එක උත්සවයක් බැගිනි.

කෙසේ වුවද දැනට අප සතුව තිබෙන බුදුන් වහන්සේගේ කේන්‍ද‍්‍ර සටහන අනුව පහත සඳහන් කරුණු අනාවරණය වේ.

I. සිදුහත් කුමරුගේ උපන් දින කේන්‍ද‍්‍ර සටහන අනුව රවි ග‍්‍රහයා මේෂ රාශියේ සිටිින නිසා පැහැදිලි වන්නේ අවුරුදු උදාව හෝ අවුරුද්ද වුදා වී ඇති බවය.

II. පූර්ණ චන්‍ද‍්‍රයා හතර වැන්නේ තුලා රාශියේ සටිින නිසා එය පුර පසලොස්වක පොහෝ දිනයයි. බුදුන් වහන්සේගේ උපන් දිනයට යෙදෙන පුර පසලොස්වක පොහොය වෙසක් පොහොය වශයෙන් හැඳින්වේ.

III. මෙයින් පෙනී යන්නේ බුදුන් වහන්සේගේ උපත සිදුවූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ අලුත් අවුරුදු උදාවද සිදුවූ බවයි.

එබැවින් හෙළ බෞද්ධ ජනතාවගේ ජාතික හා ආගමික උත්සවය වෙසක් පුර පසලොස්වක පොහොය දිනය හා බැදී ඇති බව පෙනේ.

කෙසේ වුවද බුදුන් වහන්සේගේ උපන් දිනය වූ දා වෙසක් පොහොය හා අවුරුදු උදාව එකට යෙදුන ද ඊට වසර 2637 කට පසු එනම් 2014 -04- 14 වෙනි අලුත් අවුරුදු දිනයේ උදාවූයේ බක් පුර පසලොස්වක පොහොයයි. මෙයින් අපට නිගමනය කළ හැක්කේ පුර පසලොස්වක පොහෝ දිනය යෙදීම මාසය තුළ සෙමින් දෝලනය වෙමින් පවතින අතර (මෙතෙක් වසර 2637 ක් ඇතුළත) එය දින 28 ක චන්‍ද‍්‍ර මාසයක් ආපස්සට ද ගමන් කර ඇති බවය. කෙසේ වුවද බුදුන් වහන්සේගේ උපන් දිනය අවුරුදු උත්සව දිනයකල වෙසක් පොහෝ දිනයක වශයෙන් යෙදුන සුවිශේෂ ග‍්‍රහ පිහිටීම් ද හා සියලු සිදුවීම් නැවත වසර ලක්‍ෂ ගණනකින් හෝ එය එකම දිනයක සිදුවිය හැකිය.

එසේම අධික අවුරුදු වලදී පසලොස්වකල අමාවකල අටවක යන පොහොය තුනකින් එක් පොහොයක් දහතුන් වැනි පොහොය වශයෙන් (අධි පොහොය) යෙදෙන බැවින් යම් මාසයක් තුළ පොහොය දිනය දෝලනය වීම විමර්ශනයට භාජනය විය යුතු බව පෙනේ.

An Invitation to an Astrological Research on Buddha’s Birth

The Horoscope of the load Buddha or the year of birth or the year of Parinirvana couldn’t be found in India. There for this article is an invitation Birth of the Buddha. 

Details of Siduhath’s birth supported by five sources found in Sri Lanka are given below. This is confirmed by the details furnished with the article of Mr. M.M.Amugoda (MA) to newspaper             ‘‘Maw Bima’’ published on 8th May, 2012. It is mentioned in this article, former famous astrologer Prof. B.V. Raman in his book ‘‘Notable Horoscope’’ provides scientific details of Buddha’s horoscope and the time periods. He argues for the view the Asian scholars accepted the Birth year of Siduhath as 565 BCEs, it looks as though astronomical information (planetary positions) either ignored or forgotten. The scholar, Mr. Syrus  Abekoon  a Sri Lankan friend of Mr. Raman says he was sent these details by Mr Raman and according to these details birth of Siduhath took place on Tuesday, full moon day, in month Waishakya in Kaliyuga era 2478. Mr Abeykoon’s stanza clearly describes the day as ‘‘Kshithi  Sutha Diwasa’’ and it is Tuesday.  But Waishakya Shukla Purnima in Kaliyuga year 2478 is 26th, April in 624 BCE and it was a Friday.
 
But Mr. Raman’s view is planetary positions of that time are not suitable for a great noble person as a Buddha to be born.  Professor Raman might have made the adjustment to the time he got from Sri Lanka and planetary positions of the time  in accordance with Lumbini in Nepal, near Mount Everest where identified as Buddha’s birth place. According to his research such birth has not taken in that place in that time. Prof. Raman might be correct in this regard.  It seems that there must be a great incorrectness in time and the place of birth. It seems no error of the time given by Sri Lanka. It is clear about the details of palms manuscripts owned by Sri Lankan monks Waishakhya shukla purnima means full moon day of month Wesak.  It was 26th April, 624 BCE.  Not being able to consider ‘ 0 ‘, one year difference can be caused when years of BCE calculates to Kaliyuga years. As an example, Kliyuga years starts 3101years prior to CE. But in tradition 3102 year is used.  When calculating kaliyuga years to years of BCE one year deference has occurred. It seems according to Mr. Amugoda's view the Buddha was born on the full moon day, on month Wesak of Kaliyuga year 2479. It was 14th, April, 623 BCE. This argument can’t be dumped. The date can’t be an error because full moon day does not change. Because there are other evidences this writer takes this decision. 

The scholar, Mr M.M. Amugoda’ details of the Buddha’s horoscope were presented above. The horoscope and details given by Dr. Piyasena Rathuwithana to newspaper ‘Mawbima’ published on 8th May 2012 is given below. 



Kaliyuga year 2478, vesak full moon day at 12.15 p.m., visa nekatha 2nd pada.


The following is the horoscope given in the book ‘’ Sidhartha Buddha Charithaya’’ written by most venerable Balangoda, Ananda Maithree thero.


The difference between this horoscope and the above horoscope given by Prof. Rathuwithana, is sun is in the 10th house in conjunction with Buddha
  


Kaliyuga year 2478, vesak full moon day at 11.04 a.m., visa nekatha 
The horoscope given below is very close to the horoscope given by venerable Balangoda, Ananda Maithree thero. This horoscope is presented in the last page in the book ‘’Buddha Prathipaththi and Buddha Adahilla’’ written by venerable Walipanne of Benthota Galapaatha Maha Vihara and Leader of Sanghas of Lanka south commemorating the 2500th anniversary of the Buddha’s enlightenment base upon a stanza written in Magadhi language, in Hela letters. 
The stanza is given below.


3rd horoscope

"Vaishake masiradhe kshithi sutha diwase gishpathisetha kulire
  Mine shukre sasaumya das asana kirane meshage weiyaamini madhye
  Pune chandre thulaayaa maparadishi murge madagale kumbha gekau
  Sarwagna sarwachandrya  kilakapile pure jathawan shri munindro"


It is explained here on Tuesday in mid of month wesak, disposition of Guru in Kataka rashi, Sikuru in Meena, Sun and Budha in Mesha rashi, full moon in thula rashi, Mars in Makara rashi, Saturn in Kumbha rashi in visa nakath gauthama Buddha, achieved enlightenment, respected by all, was born in Kapilawasthu. Rahu and Kethu were not included in the stanza. The full horoscope was given by the thero in page 424 in his book. Two horoscopes with similarity were presented here because two different views of the day as Tuesday and Friday. Elucidating the point further in the first line of stanza it is said on Tuesday in mid Weask but in 3rd line it is explained pune chandre thulaya means moon was in full in Thula rashi in full Moon day. 
Thousand years earlier the days of the week can’t be called Sanduda (Monday) angaharuwada (Tuesday) and it had to be a different system. 
In a work entitled "Pujawaliya" reference is made to 35 cities in Madhya Mandalaya where place on earth which would be suitable for a birth to a Buddha and 45 main cities where Buddha’s birth does not take place( p. 108) by the author Pandith Kirialle Gnanawimala Thero. In here Bengali, sindhu, Nepal are given as where Buddha’s birth does not take place. 
Astrology had been special concerned by our villagers. It is a tradition in their society to calculate auspicious times for special events. The horoscope is special and deep significant. Our Gothama Buddha’s horoscope was seen the villagers as follows. There are much folk poetry to accommodate how people of hela dvipa were so closed to Gothama Buddha but only two of them was included that refers to our topic.

4th  horoscope

"Gurulu hami (guru) ada watunayi kakulu (canser)wale.
Sandahami (moon) badu kiruwayi welanda sale (thula)
Rathu hami (kuja) hatha  kiyamin mora wale
Kalu hami (shani) nondi ana ana watuini kale (kumbha)

Manamalaya (sikuru) malu (meena) godakata yata wechchi
Somiputh (budha) edha elu (mesha) galata yata wechchi
Wana mada gos dewi bambu (ravi) muna gasechchi
Ewani daka ipaduni ape budu appochchi"

Above given two folk poetry were given in newspaper Silumina published on 29th 2012 in Gami kamayi kawi kamayi’’ in addendum "Punkalasa".
It can be understood in this folk poetry except the rashis occupied by rahu and kethu all other planetary positions are given. The rashis occupied by planets given here are very close to the horoscope presented by Ven. Ananada Maithree Thero. 
In the newspaper Lankadeepa published on 12th, January 2014 under the title ‘’Gaja keshari and sasa yoga make enjoy royal comforts all the life’’ by the scholar Lalith Sri Sitinamaluwa explaines when Sidduhath was born sun was exalted in the 10th house, in Mesha, guru was exalted in Kataka in the first house, rahu was exalted in the 3rd house. Shani was exalted in Thula in the 4th house with sandu. Kuja was exalted in the 7th house.  Sikuru was exalted in Meena with kethu. 
The scholar explained the planets thus give rise to very powerful raja yoga, with guru, shani, ravi, kuja, budha would not be existed in another million years and in a such planetary dispositions another Buddha will be born.
In this letter details of the Buddha’s horoscope were given base on  five sources. From these, the horoscope presented by the scholar Lalith Shri Sitinamaluwa rashi occupied by shani was given as Thula and in Prof. Rathuwithana’s horoscope sun occupied the 11th house. Apart from that planetary dispositions are same in all five horoscopes.

Three birth times were recorded for the Buddha according to the Sri Lankan sources. Are given below According to Dr. Rathuwithana, it is 12.15pm, according to Balandgoda Ananada Maithree thero it is 11.04am and scholar’s D.K. Rajapaksha’s time is 10am.

But in Sri Lanka date of Buddha, the horoscope with planetary dispositions and all details were recorded. Not only Buddha’s date of Birth, but also the notion was presented that places related to the birth, enlightenment, the first sermon and parinirwana of the Buddha were found in Sri Lanka. These facts are being forwarded by the monks, scholars with the support of ancient books, palm manuscripts, cave and stone inscriptions. Former famous Indian astrologer says planetary dispositions of Buddha’s birth time were ignored. All the local and foreign astrologers are cordially invited to conduct a research base upon the sources found in Sri Lanka.
Research on birth time
i. In kaliyuga year 2478, (26th, April, 624 BCE.  Birth times are 10.10am, 11.04am and 12.15pm)
ii. In kaliyuga year 2479. (14th,April, 623 BCE. Birth times are 10.10am, 11.04am and 12.15pm)
Look into planetary dispositions of above given two days in Theldeniya, Kandy in Sri Lanka where said to be Buddha was born. Long. 80.70  E.  Lat. 7.290  N.,



Buddha’s horoscope

3. Which planetary dispositions fell on Nepal on 26th, April, 624 BCE (Birth times are 10.10am, 11.04am and 12.15pm) and on 14th, April, 623 BCE. Birth times are (10.10am, 11.04am and 12.15pm)
All the local and foreign astrologers are kindly requested for this astrological research and left to the discretion of the intelligent Buddhist readers to clear the birth day of the Buddha.


P.A.D.Wicramarathana
Former Lecturer 
Siyane National College of Education
No. 177/1
Shri Sugathorasa Mw
Pahalagama, Gaspe
Banduragoda
Sri Lanka